Slide thumbnail

Find Your

Favorite

Outfit

Organization

National Buddhist Organization For

to Mode

Redlotus-Buddha-isolated
Slide thumbnail

For

The

Welfare

Of Many

National Buddhist Organization For

to Mode

red-lotus-logo-eff

දැක්ම

ආපදා අවස්ථාවන්හි දී සාමාජික ආයතන මගින් සියළුම සත්වයන්ගේ දුක් වේදනා සන්සිඳුවීම, අවම කිරීම හා වැළැක්වීම අරමුණු කොට ජීව හිතවාදී විවිධ ක්‍රියා ප්‍රවර්ධනය කිරීම හා ඒ සඳහා උනන්දු කරවීම සඳහා වූ ප්‍රමුඛතම බෞද්ධ සංවිධානය බවට පත් කිරීම.

අප ගැන

වර්ෂ 2004 දෙසැම්බර් මස 26 වනදා උදෑසන, ස්ත්‍රී පුරුෂ බාල මහළු 150 000 ක් පමණ දෙනා මරණයට පත් කරමින් මුළු මහත් ලෝකයේ ආන්දෝලනාත්මක අවධානයට ඇද ගනිමින්, ශ්‍රී ලංකාව, තායිලන්තය, ඉන්දුනීසියාව ඇතුළු අග්නිදිග ආසියානු රටවල් ගණනාවක් වෙත ඓතිහාසික වාර්තාගත දැවැන්ත විනාශකාරී සුනාමි නම් වූ මහා සමුද්‍රය ගොඩගැලීම සිදුවූ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ හා ලෝකයේ වෙනත් රටවල බෞද්ධයන් අතර බෞද්ධ සතර බ්‍රහ්ම විහරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූ ආකාරය අගය කරමින්,ලෝකයේ සෑම ප්‍රදේශයකින්ම පැමිණ භාවිත වර්ෂ2005 මාර්තු මස 19-20 දිනවල (බු.ව.2548) ශ්‍රී ලංකාවේ කොළඹ දී පවත්වන ලද, සුනාමියෙන් සක්‍රීය වූ ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණයේදී පරත්තං පටිපජ්ජථ යන උතුම් වූ බුද්ධානුශාසනාව මත පිහිටා බහුජන හිත සුව පිණිස ඇප කැප වූ, …  තවදුරටත් >>

මෙහෙවර

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ මත පදනම්ව ශ්‍රී ලංකාව තුළ ජීව හිතවාදී සේවාවන් සඳහා සම්පත් බැංකුවක් ලෙස ක්‍රියා කිරීමෙන් සහ ඵලදායිතා සම්බන්ධීකරණය, සහයෝගීත්වය සහ ජාලවීම තුළින් ප්‍රාදේශීය සහ ජාතික වශයෙන් ඕනෑම ස්වභාවික ආපදා අවස්ථාවක දී වැඩි සූදානමක් ඇති කිරීමෙන් සියළු සත්වයන්ගේ දුක් වේදනා සන්සිඳුවීම, අවම කිරීම හා වැළැක්වීම සහ එවන් ආපදාවකට අවබෝධයෙන් හා ඉවසීමෙන් යුතුව මුහුණදීමට හැකි වන පරිදි බෞද්ධ ජීවන ප්‍රතිපත්ති වලට යොමු කරවීම.

අපගේ සේවාවන්

රතු පියුම සංවිධානය ඉක්මනින් හා කාර්යක්ෂමව ආපදා අවස්ථාවන් වලදී මිනිසුන් සඳහා ඇප කැපවී ක්‍රියාකරයි.